Lanka Comic Con Sinhala

ලාභ නොලබන කොමික් පොත් මුද්‍රණාලයකට ඇමෙරිකානු ප්‍රතිපාදනයක් ලංකා කොමික් කොන් විසින් දිනා ගනියි

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) පළවන වෙළුමේ කටු සටහන් 

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) පළවන වෙළුමේ කටු සටහන් 

ලංකා කොමික් කොන් අරමුදලට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලාභ නොලබන කොමික් මුද්‍රණාලයක් ශ්‍රී ලංකාවේ පටන් ගැනීමට ප්‍රතිපාදනක් ලබා දී තිබෙනවා. මේ මුද්‍රණාලය භාශා තුනෙන්ම නිර්මාණ ඉදිරිපත් කරන කලා හා සාහිත්‍යමය නිර්මාණකරුවන් හට අගනා කරළියක් වනු ඇත.

"මට ශ්‍රී ලංකාවේ දීර්ගකාලීන පැවැත්මක් තියන කොමික් පොත් නිශ්පාදන කර්මාන්තයක් ආරම්හ කරන්න උවමනායි. ඒ දේ කිරීමට අපිට මුද්‍රණ කටයුතු අඩුම පිරිවැයක් පමණක් අය කරන්න පුළුවන් තත්වයක් තිබිය යුතුයි," මුද්‍රණාලය පිළිබඳ සංකල්පනය ඉදිරිපත් කළ තිලානි සමරසිංහ අපට පැවසුවා.

බරපැන මාරයා

මට ශ්‍රී ලංකාවේ දීර්ගකාලීන පැවැත්මක් තියන කොමික් පොත් නිශ්පාදන කර්මාන්තයක් ආරම්හ කරන්න උවමනායි. ඒ දේ කිරීමට අපිට මුද්‍රණ කටයුතු වලට අඩුම පිරිවැයක් පමණක් අය කරන්න පුළුවන් තත්වයක් තිබිය යුතුයි
— තිලානි සමරසිංහ ලංකා කොමික් කොන් ප්‍රධානි

ශ්‍රී ලංකාවේ බොහෝම අවස්ථාවල අපි කොමික් වල 'පළමුවන මුද්‍රිත වෙළුම' දැක තිබුනට  ඒ මාලාව 'දෙවන වෙළුමක්' දක්වා යනවා අපි දකින්නේ බොහොම කලාතුරකිනි. දේශීය චිත්‍ර ශිල්පීන්ට හා කථා රචකයන්ට තියන ප්‍රධානම ගැටළුව වන්නේ වියදම් අභියෝගයන්ය. මේ හේතුව නිසා බොහෝ කලාකරුවන් තමන්ගේ නිර්මාණය ගැන කල්පනා කරන්නේ, ඔවුන්ගේ එදිනෙදා රැකියාවට යෑමට සැරසෙන විට කැඩපත දිහා බලා අතීතය අනුස්මරණය කරන විටය.

හැබැයි ඒ තත්වය අපට වෙනස් කළ හැකි නම්? මුද්‍රණ වියදම් ප්‍රබල ලෙස අඩු කරන්න අපිට හැකි වුනා නම්?

තිලානි අපට පැවසුවේ "මම මුද්‍රණ යන්ත්‍ර වල මිල ගණන් හා ඒවා වල තාක්ෂණික දත්ත පිළිබඳවත් ඒවා වල නියම ප්‍රමිතීන් හා එයට වැඩි පරිමාවක මුද්‍රණ කටයුතු දරාගන්න පුළුවන්ද යන දේවල් ගැන හොඳින් සොයා බැලුවා." කියාය. "මම පිටකොටුවට පවා ගියේ කඩදාසි සපයන්නවුන්ට කථා කර තොග මිල ගණන් සටහන් කර ගැනීමටය. මගේ වැඩකට නැති සැමියාද මැසිවිලි කිව් නමුත් කෙසේ හෝ මා සමඟ  හැම තැනටම ආවා."

දීර්ග කාලීන ස්වයංපෝශිත, අඩු පිරිවැයක් දරන මුද්‍රණාලයකට අවශ්‍ය ව්‍යාපාර ආකෘතිය  මදින් මද ඇය ගොඩ නැගුවා.

ඇමෙරිකානු මධ්‍යස්ථානය

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයේ ජොශුවා ශෙන් මහතා අපට මෙහිදී මහත් උපකාරී වූවා. ඔහු මෙම අදහස ගැන බොහෝ උනන්දු වුනා. වසර ගණනක අර්බුදකාරී තත්වයන්ට මුහුණ දුන් ලංකාවේ ප්‍රජාවන් එකතු කිරීමට කොමික් කලාව තුලින් තරුණ පරපුරට හැකි වේවි යැයි ඔහු විශ්වාස කරනවා. ඔවුන්ට අපට උදව් කළ හැකි බව තහවුරු කළ ඔහු එයට ඉල්ලුම් කළ හැකි ක්‍රියා පිළිවෙත අනුගමනය කරන මෙන් පමණක් අපෙන් ඉල්ලා සිටියා. අපි අධෛර්ය වූ අවස්ථා වලදී පවා එම කාර්යන් දිගටම කරගන යන්න ඔහු අපව නිතර නිතර දිරි ගැන්වූවා.

අපි කිසිම කෙනෙක් ඒ වන විට ප්‍රතිදාන සඳහා අයදුම් ලියා තිබුනේ නෑ. එම අත්දැකීම ටිකක් මේ වගේ දනුනා අපිට..

අ-සාමාන්‍ය (Extra-Ordinary)

ලංකා කොමික් කොන් මුද්‍රණාලය මගින් පිට කරන ප්‍රථම කොමික් කථා මාලාව වන්නේ අ-සාමාන්‍ය (Extra-Ordinary) කථා පෙළයි. මෙය වර්තමාන ශ්‍රී ලංකාවේ සිදුවනු ලබන අද්භූත සිද්ධි වටා ගෙතුන ප්‍රබන්ධයකි.

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) කථා පෙළේ රූප සටහන් 

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) කථා පෙළේ රූප සටහන් 

"මම කීර්තිමත් ප්‍රකාශකයින් පිට කරන කොමික් වලට හුඟක් ආශා කළාට ඒ කිසිම කථා පෙළක්  මගේ සංස්කෘතිය නියෝජනය කරන ඒවා නෙවෙයි," තිලානි අපට පැවසුවා. "මට ලියන්න අවශ්‍ය කරලා තිබුනේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපි කවුද කියන එක, අපේ ඉතිහාසය හා සංස්කෘතිය නිර්දේශනය කරන ගමන්, නූතන ආරකින් ගෙන හැර පෙන්විය හැකි දෙයක්."

අ-සාමාන්‍ය කථාමාලාව භාෂා තුනෙන්ම රචනය කිරීමෙන් සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකිකත්වය එම  ප්‍රබන්ධයට ලබා දීමට තිලානි බලාපොරොත්තු වෙනවා. ලංකා කොමික් කොන් මුද්‍රණාලය විසින් පරිවර්තන සේවාවන්ද ලබා දෙනු ඇත.

නිමේශ් නියෝමාල් නැමැති 'අ-සාමාන්‍ය' කොමික් කථා පෙළේ චිත්‍ර ශිල්පියා අපිට පැවසුවේ, "ලංකාවේ දැනට බොහෝ නවක තරුණ කොමික් චිත්‍ර ශිල්පීන් බිහි වෙමින් පවතිනවා."  ඔහු විසින් මීට පෙර 'ද ග්‍රේ වෝකර්' යන නමින්ද කොමික් කථා පෙළක්ද ඉදිරිපත් කර තියෙනවා. "මේ නවකයින් ඩිජිටල් ප්‍රකාශණ වලට පමණක් යොමු වෙන්නේ, මුද්‍රණ ගාස්තු හා පිරිවැයන් අධික නිසාවෙනි. ඒ වුනත් නියම කොමික් කියන දේ කඩදාසියක මුද්‍රණය වෙන්න  ඕනේ  කියලා මම විශ්වාස කරනවා."

"නිමේශ් ප්‍රවීණ කලා කරුවෙක්," තිලානි පැවසුවා. "ඔහුටත් අවශ්‍ය වෙලා තිබුනේ ලංකාවේ කොමික් කලාවට ආවේනික ප්‍රකෘතිමත් සංවිධානයක් දකින්නයි."

නියම කොමික් කියන දේ කඩදාසියක මුද්‍රණය වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා
— නිමේශ් නියෝමාල්
නිමේශ් නියෝමාල් විසින් අඳින ලද, ඩයනා 

නිමේශ් නියෝමාල් විසින් අඳින ලද, ඩයනා 

අපි 2017 ලංකා කොමික් කොන් හිදී අ-සාමාන්‍ය (Extra-Ordinary) කොමික් කථා පෙළ දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. දියත් කිරීම සිදු නොවුනත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එහි නිර්මාතෘ වරු කොමික් කොන් මුද්‍රණාලයත් සමඟ එකතු වන්නට බලාපොරොත්තු වෙනවා.

මුද්‍රන ගාස්තු ගැන ප්‍රසිද්ධියේ කථා කරන්න අපි තවම සූදානම් නොවුනත්, ප්‍රබල මිල අඩු තත්වයක් බලාපොරොත්තු වෙන්න ඔබට පුළුවන්. මෙමගින් අපට වෙළඳසල් හා බෙදාහැරීමේ මිල දාරයන් එකතු කළ පසුත් පාඨකයින්ට අඩු මිලකට උසස් තත්වයේ දේශීය කොමික් පොත් මිලදී ගැනීමට හැකිවනු ඇත.

අද මම ඉතා ආඩම්බර 'වැඩකට නැති සැමියෙක්' වෙමි.

යමාටෝ වන් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇනිමේ හා මාන්ගා ව්‍යාපාරික ව්‍යත්නය

‍යමාටෝ වන් සමූහය. අරිගතො! 

‍යමාටෝ වන් සමූහය. අරිගතො! 

නව ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා කරන්න අපහසු දේවල් බොහොමයක් තියනවා. යුද්ධ කරන එක, ස්වයං සැත්කම්, ට්‍රාන්ස්ෆෝමර්ස් බලන එක වගේ දේවල්. හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනම කෙනෙකුට සුළු සුළු අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඔවුන් කරන සෑම දේකම වැරදි නිතර හොයන්න සැදි පැහැදී ඉන්න අය ඉන්න අය ඉන්න නගරයක. ඔබට ස්ථීර හා පූර්ණකලීන ආදායමක් ලැබෙන වෘත්තීයයක් අත හරින්න වෙනවා වගේම දවසකට පැය 12කට වඩා මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට ඔබ වටේ ඉන්න 'යාළුවෝ' බලන් ඉන්නේ ඔබට කොයි වෙලාවේ වැරදෙයිද කියලා.

ඒත් ඔබ කරන දේ ඔබ දිගටම කරගන යනවා. එහෙම කරගන ගිහින් ඔබ කොහොම හරි සාර්ථක වෙනවා.

"හුඟක් දෙනෙක් අපිට උපදෙස් දෙනකොට කිව්වේ ඇනිමේ වලට ලංකාවේ එච්චර ඉල්ලුමක් නැහැ කියලා," යමාටෝ වන් හි  සම නිර්මාතෘ වන ටැමි ෆුකී අපට පැවසුවා. "ඒ වුනාට අපි කල්පනා කළේ  ඇනිමේ/ මාන්ගා වලට ඇති තරම් රසිකයෝ නැතිවෙන්න විදිහක් නෑ කියන එක. ඒ අයට අවශ්‍ය අවකාශය නෑ කියන එක අපි තේරුම් ගත්තා."

ටැමි සහ තව නිර්මාතෘ කෙනෙක් වන ක්ලින්ටන් ඩි ක්‍රෙට්සර් හට ලංකාවේ සමර්පිත ඇනිමේ හා මාන්ගා ව්‍යාපාරයක් පටන් ගන්න ඔනේ කියන අදහස අවුරුදු ගානක ඉඳන් තිබුනා. ඒක ලංකාවේ ගැටවර වයසේ අයට හා වැඩිහිටියන්ට එකසේ රසවිඳින්න පුළුවන් අළුත් විනෝදාත්මක දෙයක්. "සාමන්‍යයෙන් කුඩා දරුවන්ට අරන් දෙන්න පුළුවන් සෙල්ලම් බඩු තියන සාප්පු ඕන තරම් තියනවා වුනත් නව යොවුන් පරපුරට හා ගැටවර වයසේ ළමයින්ට හරියන තෑගි හොයන්න සාමන්‍යයෙන් අමාරුයි නේ?"

සමහර අය ඇනිමේ දකින්නේ ළාමක දෙයක් විදිහට වුනත්, ටැමි හා ක්ලින්ටන්ට එය ඔනෑම වයසක කෙනෙක්ට රසව්ඳින්න පුළුවන් දෙයක්. 

ඔවුන් ගාව ප්‍රේම කථා, ත්‍රාසජනක කථා,  ක්‍රීඩා වටා නිර්මාණය වන කථා (ස්ලෑම් ඩන්ක්, ඉනීශල් ඩී) චරිතකථාමයන් (ඔසාමු ටෙසුකා) හා ආහාර සම්බන්ධ මාතෘකා (යකිටාටෙ ) වැනි  විවිධ මතෘකා ආවරණය කරන නිකුත් කිරීම් තියෙනවා. 

සැපයුම තිබුනට වෙළඳපළේ ඉල්ලීම තිබුනද?

හුඟක් දෙනෙක් අපිට උපදෙස් දෙනකොට කිව්වේ ඇනිමේ වලට ලංකාවේ එච්චර ඉල්ලුමක් නැහැ කියලා
— ටැමි ෆුකී
ව්‍යාර්ථ අදියරෙන් පසුව මේ වෑයම ඉදිරියට ගෙන යන්න ඔනේ කියලා තීරණය කරපු ඔවුන් 2016 වසරේදී ලංකා කොමික් කොන් උළෙලෙහි ප්‍රදර්ශන කුටියක් මිලදී ගත්තා. “අපි බලාපොරොත්තු වුනේ අඩුම ගණනේ උළෙලට ආ අයගෙන් සුළුතරයක් හෝ ඇනිමේ ගැන දැනුම තියන අය වෙයි කියලා.” ටැමි අපිට පැවසුවා. “එදා තමයි අපිට තේරුනේ අපි ශ්‍රී ලංකාවේ ඉන්න ඇනිමේ/ මාන්ගා රසිකත්වය කොච්චර අවතක්සේරු කළාද කියන එක. ඔවුන්ගේ ඇනිමේ හා මාන්ගා දැනුම, එයට ලැදිකම ගැන අපි හුඟක් මවිත වුනා.”

යමාටෝ වන් දැන් ලංකාවේ ජනප්‍රියම මාන්ගා අලෙවිකරුවන් වෙලා. ඔවුන් ෆේස්බුක් හරහා ඔවුන්ගේ පාරිභෝගිකයන් සමඟ උද්යෝගයෙන් කථාබහේ නිරත වනවා. ඔවුන්ගේ අන්තර්ජාලික වෙළඳසල දිවයින පුරා බෙදා හැරීම් කරනවා. ඊළඟ අදියර හැටියට ඔවුන් රාජගිරියේ වෙළඳ ශාලාවක් අරින්න සූදානම් වනවා. “අපි එය විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට ඉදිවෙමින් පවතින සාප්පු සංකීර්ණයක. ඒ සංකීර්ණය ඉදි වී අවසන් වුන ගමන්ම මේ වසර අවසානයේ අපේ වෙළඳසල විවෘත කරන්න ලහැස්ති වෙලා ඉන්නවා.”

මිලදී ගැනීම් හා විකිණිම් වලට වඩා වටින සංකල්පයක් ටැමි හා ක්ලින්ටන්ට තියෙනවා. ඒ ඇනිමේ හා මාන්ගා ප්‍රජාවට අතහිත දෙන්නයි. “අපිට උවමනා ලංකාවේ ඉන්න ඇනිමේ හා මාන්ගා චිත්‍ර කලා ශිල්පීන් හා රසිකයින් එක්ක එකතුවෙලා කිසියම් ව්‍යපෘතියකට දායක වෙන්න.”

‍යමාටෝ වන් මෙවරත් 2017 ලංකා කොමික් කොන් උළෙලට සහභාගි වනු ඇත.
අපි ශ්‍රී ලංකාවේ ඉන්න ඇනිමේ/ මාන්ගා රසිකත්වය කොච්චර අවතක්සේරු කළාද
— ටැමි ෆුකී

සියර්: ඩෙත් සයිට් - ශ්‍රී ලාංකික අධ්‍යක්ශකවරයෙකුගේ විද්‍යා ප්‍රභන්ධක ත්‍රාසජනක රූපවාහිනි කථා මාලාව

සියර්: ඩෙත් සයිට් කියන්නේ විද්‍යා ප්‍රබන්ධනාත්මක වෙබ් නාට්‍ය මාලාවක්. එහි රඟපාන්නේ ජෝයි අන්සාහ් (ද බෝන් අල්ටිමේටම්) සහ ක්‍රිස්ටියන් හවර්ඩ් (ස්ට්‍රීට් ෆයිටර් : අසෑසින්ස් ෆිස්ට්) යන ශිල්පීන්ය.මෙහි තිර රචනය අධ්‍යක්ෂණය හා, නිශ්පාදනය යන අංශ තුනම කළේ සඳුන් සෙනෙවිරත්නයි.රේ මාර්ටන්ස්ටයින් හා උදාන ෆොන්සේකා යන විධායක නිශ්පාදකයින් සමඟ එකතු වූ ඔහු ග්‍රයින්ඩ්අවුට් ප්‍රොඩක්ශන්ස් යන නමින් ඔවුන් හඳුන්වන ශ්‍රී ලාංකික නිශ්පාදන හා බෙදාහරින ආයතනයක් තුලින් තමයි මේ කථාමාලාව එළි දැක්වෙන්නේ.

වීඩියෝවට යොමු වීමට මෙතන ක්ලික් කරන්න. (නැත්නම් ඉහත රූපය ක්ලික් කරන්න.)

වින්දනය හා වෘත්තාන්ත කලාව මනුෂ්‍ය ස්වභාවයයි
— සඳුන් සෙනෙවිරත්න

විද්‍යා ප්‍රබන්ධ වෘත්තාන්ත කලාව

කුඩා කාලයේ සිට චිත්‍රපට නිර්මාණ කලාවට ලැදි වුනු සඳුන් කියන්නේ "වින්දනය හා වෘත්තාන්ත කලාව මනුෂ්‍ය ස්වභාවයක්", කියලා."එහෙම තමයි අපි අප වටා සිදුවන දේවල් හඳුනාගන්නේ". 

සඳුන් ඔහුට හැඟෙන දේවල් එළි දක්වන්නේ, චලන රූප මාධ්‍ය තුලිනුයි.හොලිවුඩ් ප්‍රභේදයට අයත් චිත්‍රපට ඔහුගේ වෘත්තාන්ත කලාවට වඩාත් සුදුසු බවත්, ඉතා විනෝදාත්මක හා වැඩි රුචික ගම්‍යත්වයක් ඇති මාධ්‍යක් ලෙසත් තමයි ඔහු දකින්නේ.

"මම විද්‍යා ප්‍රබන්ධක රසිකයෙක්," ඔහු තවදුරටත් පැවසුවා, "ඒවා තුලින් අපට අනාගතය වගේම මානව වර්ගයාගේ සීමාරහිත විභවය විශ්ලේෂණය කරන්න පුළුවන්".

සියර්: ඩෙත් සයිට් කියන වෙබ් නාට්‍ය මාලාව, න්‍යශ්ටික වියසනයෙකින් පසු කාලීන සංස්ථාතික ලෝකයක බිහි වුණු මනෝ ඝාතකයෙක් ගැන වෘත්තාන්තයකි."මට අවශ්‍ය වුනේ සුළු වියදමකින් විද්‍යා ප්‍රබන්ධන වර්ගයේ උසස් තත්වයේ, ත්‍රාසජනක සටන් කලා, දෘශ්‍ය කලා ඇති,  චලන රූප නිශ්පාදනයක් කරන්න පුළුවන් කියන දේ ඔප්පු කරන්නයි", සඳුන් අපිට පැවසුවා. "මගේ අරමුණ, මෙවන් නිර්මාණ ලංකාව තුල ලාංකේය සම්පත් භාවිතයෙන් හා ලාංකික හා ජාත්‍යන්තර කලාකරුවන් එකතු කරගෙන නිම කර, ජාත්‍යන්තර භූමිකාවකට රැගෙන යන්නයි.

හොලිවුඩ් රංගන ශිල්පීන්

ඔබට ඩෙත් සයිට් කථා මාලාවේ නලුවන් දැක පුරුදුයි කියලා සිතුනානම් ඔබ නිවැරදියි.

"මම ප්‍රධාන නලුවා ලෙස තෝරගන්න බලාපොරොත්තු වුනේ, එම චරිතයට අදාල වන සටන් කලා හැකියාවන් තියෙන් කලාකරුවෙක්," සඳුන් අපට පැවසුවා."අපි සිනමා ශාලාවකදී 'ද බෝන් අල්ටිමේටම්' නරඹද්දී දැකපු මැට් ඩේමන් ගේ හා කොන්ත්‍රාත් ඝාතකයෙක් ලෙස චරිත නිරූපණය කළ ජෝයි අන්සාහ්ගේ මොරොක්කෝවේ වහළවල් උඩ තිරගත කරන ලද සටන් කලා ශෛලිය දැක්කා. අදටත් ඒ සටන් කලා දර්ශනය තමයි අපි දැකලා තියන හොඳම ශෛලිය. අපට දැනගන්න ලැබුනා, 'දෙශ්' කියන එදිරිවාදි චරිතය නිරූපණය කළ රංගන ශිල්පියා ලන්ඩන් වල සිටින බව. ඉතින් අපි ඔහුට කථා කිරීමට තීරණය කළා. අපේ පිටපත කියවපු ඔහු ඒ වෘත්තාන්තයට එකතු වීමට මහත් උද්යෝගයක් පල කළ අතර, ඔහුගේ සටන් ශිල්පී කණ්ඩායමත් එකතු කරගෙන සටන් කලා දර්ශනය ඉතා සුළු  වියදමකින් කරන්න පුළුවන් වන ලෙස රචනා කිරීමටත් දායක වුනා.

මේ බෝන් අල්ටිමේටම් සටන් දර්ශනයයි.

 

අන්සාහ් විසින් ජෝන් කුසැක්ගේ 'ද නම්බර් ස්ටේශන්' චිත්‍රපටයේ වීරවර චරිතයට ප්‍රතිවිරුද්ධ දුෂ්ටයාගේ චරිතයද 'ස්නෝවයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්' වැනි චිත්‍රපට වල සුළු චරිතද රඟපා තිබුනා. ඔහු විසින් මහත් ප්‍රසිද්ධ 'ස්ට්‍රීට් ෆයිටර්: ඇසෑසින්ස් ෆිස්ට්' යන වෙබ් වෘතාන්ත මාලාවද ඊට අනුගාමිව නිර්මාණය වුණු රූපවාහිනි  ටෙලි මාලාව වූ 'ස්ට්‍රීට් ෆයිටර්: රෙසරෙක්ශන්' වෘතාන්තයද තිර රචනය හා අධ්‍යක්ශණය කළ අතර, එහි රංගනයෙන්ද දායක වුනා.  'ස්ට්‍රීට් ෆයිටර්' තිර රචනයේ ඔහු 'අකූමා' යන ප්‍රධාන දුෂ්ට චරිතය නිරූපණය කළා

සියර්: ඩෙත් සයිට් කථා මාලාවේ එදිරිවාදී චරිතය වන 'කානෝ' චරිතය රඟපාන ක්‍රිස්ටියන් හවර්ඩ්ද 'ස්ට්‍රීට් ෆයිටර්: ඇසෑසින්ස් ෆිස්ට්' හා ස්ට්‍රීට් ෆයිටර්: රෙසරෙක්ශන්' යන කථාමාලා වල 'කෙන්' යන ප්‍රධාන චරිතයට පණ පෙව්වා.

ස්ට්‍රීට් ෆයිටර්: ඇසෑසින්ස් ෆිස්ට් 2014

තවත් දුෂ්ට චරිතයකට රංගනයෙන් දායක වන සුවයුකි සාඔතොමෙ,  'ඔලිම්පස් හැස් ෆෝලන්' චිත්‍රපටයට අනුගාමී වූ 'ලන්ඩන් හැස් ෆෝලන්' චිත්‍රපටයට ජෙරාර්ඩ් බට්ලර් සමඟ රංගනයෙන් දායක වී තියෙනවා.

සම්මේලන චාරිකා

සියර්: ඩෙත් සයිට්, ෆීනික්ස් කොමික් කොන්, ඇතන්ස් හී ඉන්ටර්නැශනල් සයි ෆයි සිනමා උළෙල, සිඩ්නිවල ෆැන්ටෑස්ටික් ප්ලැනට් වැනි බොහෝ විද්‍යා ප්‍රබන්ධක සිනමා උළෙල වල දැනටමත් දර්ශනය වෙලා තියනවා. මේ වසරේ ලංකා කොමික් කොන් උළෙලේදීද මෙය දර්ශනය වනු ඇති අතර ඔබට ග්‍රයින්ඩ්අවුට් කැල හමුවීමටද අවස්ථාවක් ලැබෙනු ඇත. ග්‍රයින්ඩ්අවුට් නිශ්පාදක වරුන් ස්වාධීන චිත්‍රපට වේදීන්ගේ සාකච්චා මඩුල්ලකටද එහිදී සහභාගී වනු ඇත.

විද්‍යා ප්‍රබන්ධන තුලින් අපට අනාගතය වගේම මානව වර්ගයාගේ සීමාරහිත විභවය විශ්ලේෂණය කරන්න පුළුවන්
— - සඳුන් සෙනෙවිරත්න

ලංකා කොමික්-කොන් පිටුපස: අකිල වීරසිංහගේ ටුක් ටුක් වීරවරයා

පසුගිය වසරේ අප විසින් 2016 ලංකා කොමික්-කොන් වෙනුවෙන් නිල ලාංඡන තරඟයක් පැවත්වූවා.එහිදී අකිල ඉදිරිපත් කරපු ලාංඡන නිර්මාණයට අපි ගොඩක් පැහැදුනු නිසා, අපි එය ලංකා කොමික් කොන් උළෙලට නිල වශයෙන් භාවිතා කළ යුතුම බවට තීරණය කළා.

මම 'ටුක් ටුක් වීරවරයා' ගැනත්, එම නිර්මාණ සංකල්පය බිහිවුන හැටි ගැනත් අකිලගෙන් විමසුවා. "ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මේ උළෙල මම වඩාත් ආදරය කරන දේවල් සමරන අවස්ථාවක් බව," අකිල මට පැවසුවා. "ඒ නිසා ඒකට මම කිසි යම් දෙයකින් හරි උදව් කරන්න අවශ්‍යයි කියල මට හිතුනා". "අනිත් එක මම ග්‍රැෆික් නිර්මාණ ක්ෂෙත්‍රයට අලුත් නිසා මගේ හැකියාවන් එළි දක්වීමේ අවශ්‍යතාවයත් මේකට මුල් වුනා".

අකිලට අවශ්‍ය වුනේ මෙම ලාංඡනය දකින ඕනම කෙනෙකුට එහි ඇති සැබෑ ශ්‍රී ලාංකීය හැඟීම එසැනින්ම දැනෙන්න අවශ්‍යයි කියන එක. අකිල සමහරක් ශ්‍රී ලාංකිකයින් වගේම මෙරටින් පිට හැදුනු වැඩුනු කෙනෙක්. ඒ නිසා නිතර නිතර ලංකාවට ආපහු පැමිණි හැම වෙලාවකම ටුක් ටුක් රථයක ගමන් කිරීම එවන් ලාංකිකයන්ගේ දෛනික චාරිත්‍රයක් හා සමාන දෙයක්.

“මම ලංකාවට පැමිණි හැම වෙලාවකම වැඩියෙන්ම උනන්දුවෙන් පෙරටු බලන දෙයක් ආධාර කරගෙන මේ නිර්මාණ‍ය කරන්න ඕනේ කියලා තමයි මම තීරණය කළේ. ටුක් ටුක්, ත්‍රී වීලරය, ට්‍රයිශෝව කියන මොන නමෙන් හැඳින්වූවත්, මෙහි ශ්‍රී ලාංකීය බව නිශ්චිතයි.”
— අකිල වීරසිංහ - ග්‍රැෆික් නිර්මාණකරු
මුල් කෙටුම්පත

මුල් කෙටුම්පත

 

 

පළමු සංස්කරණය 

අකිල ඔහුගේ මවගේ උපදෙසට සවන් දී ඔහුගේ මුල් සංකීර්ණ නිර්මාණ අදහස අත්හැර, වඩාත් සරල වර්ණ ඇති කැලිසේයාවක් නිර්මාණය කරයි.       

 

 

 

ඉදිරිපත් කරන ලද නිර්මාණය

ඉදිරිපත් කරන ලද නිර්මාණය

 

දෙවන සංස්කරණය

පසුව ඔහුගේ මිතුරා වන සින්තුජාන්ගේ යෝජනාව මත මුල් කෙටුම්පතේ සිටි පුද්ගලයාගේ රුවට, බූට් සපත්තු, අත් වැසුම් හා ඇස් වලට වෙස් ආවරණයක් එකතුකර, එම පුද්ගලයාව සුපිරි වීරයෙක් ලෙස මතු කර දැක්වුවා. තරඟය ජයග්‍රහණය කළේ මේ නිර්මාණයයි.      

 

 

 

 

නව වර්ණ හා අකුරුවර්ග වලින් සම්පූර්ණ අවසාන පිටපත

නව වර්ණ හා අකුරුවර්ග වලින් සම්පූර්ණ අවසාන පිටපත

 

තෙවන සංස්කරණය

අන්තිමේදි අකිල කොමික් කොන් උළෙලේ සාමාජිකයින් සමඟ සාකච්චා කර, ලාංඡනයේ අකුරුවර්ගය වෙනස් කළ අතර එහි වර්ණ යෙදුම ජාතික කොඩියට ගැලපෙන ආකාරයට වෙනස් කරන ලදී.    

 

 

 

නිර්මාණාත්මක මුල් අවධිය

මුල් ළමා අවධියේ පටන්ම අකිල චිත්‍ර ඇඳීම කළා. ඔහුගේ දෙමව්පියන්ගේ දිරිගැන්වීමෙන් චිත්‍ර කලා පංති ආරම්භ කළ ඔහුගේ උනන්දුව තවත් පුළුල් වුනා. පෑන්, මාකර්, පැන්සල් වලින් ඇඳි ප්‍රතිරූ, දිය සායම් දර්ශන හා ග්‍රැෆීටි චිත්‍රද ඔහු අඳින්න පටන් ගත්තා.

පසුගිය සිව් වසර තුල අකිල ඩිජිටල් නිදර්ශක හා නිර්මාණ අංශවල කාර්ය කරන්න පටන් අරගෙන තිබුනා. විශ්ව විද්‍යාල විනෝදාංශයක් ලෙස පටන්ගත් මෙය දැන් තව තවත් වර්ධනය වෙලා. අකිලගේ තවත් නිර්මාණ දැකගන්න හෝ ඔහුගේ නිර්මාණාත්මක සේවාවන් ලබාගන්න ඔබත් කැමති නම් ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් අකිලත් සමඟ සම්බන්ධ වෙන්න.

Translation services: Scarlet Cat Online