යමාටෝ වන් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇනිමේ හා මාන්ගා ව්‍යාපාරික ව්‍යත්නය

‍යමාටෝ වන් සමූහය. අරිගතො! 

‍යමාටෝ වන් සමූහය. අරිගතො! 

නව ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා කරන්න අපහසු දේවල් බොහොමයක් තියනවා. යුද්ධ කරන එක, ස්වයං සැත්කම්, ට්‍රාන්ස්ෆෝමර්ස් බලන එක වගේ දේවල්. හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනම කෙනෙකුට සුළු සුළු අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඔවුන් කරන සෑම දේකම වැරදි නිතර හොයන්න සැදි පැහැදී ඉන්න අය ඉන්න අය ඉන්න නගරයක. ඔබට ස්ථීර හා පූර්ණකලීන ආදායමක් ලැබෙන වෘත්තීයයක් අත හරින්න වෙනවා වගේම දවසකට පැය 12කට වඩා මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට ඔබ වටේ ඉන්න 'යාළුවෝ' බලන් ඉන්නේ ඔබට කොයි වෙලාවේ වැරදෙයිද කියලා.

ඒත් ඔබ කරන දේ ඔබ දිගටම කරගන යනවා. එහෙම කරගන ගිහින් ඔබ කොහොම හරි සාර්ථක වෙනවා.

"හුඟක් දෙනෙක් අපිට උපදෙස් දෙනකොට කිව්වේ ඇනිමේ වලට ලංකාවේ එච්චර ඉල්ලුමක් නැහැ කියලා," යමාටෝ වන් හි  සම නිර්මාතෘ වන ටැමි ෆුකී අපට පැවසුවා. "ඒ වුනාට අපි කල්පනා කළේ  ඇනිමේ/ මාන්ගා වලට ඇති තරම් රසිකයෝ නැතිවෙන්න විදිහක් නෑ කියන එක. ඒ අයට අවශ්‍ය අවකාශය නෑ කියන එක අපි තේරුම් ගත්තා."

ටැමි සහ තව නිර්මාතෘ කෙනෙක් වන ක්ලින්ටන් ඩි ක්‍රෙට්සර් හට ලංකාවේ සමර්පිත ඇනිමේ හා මාන්ගා ව්‍යාපාරයක් පටන් ගන්න ඔනේ කියන අදහස අවුරුදු ගානක ඉඳන් තිබුනා. ඒක ලංකාවේ ගැටවර වයසේ අයට හා වැඩිහිටියන්ට එකසේ රසවිඳින්න පුළුවන් අළුත් විනෝදාත්මක දෙයක්. "සාමන්‍යයෙන් කුඩා දරුවන්ට අරන් දෙන්න පුළුවන් සෙල්ලම් බඩු තියන සාප්පු ඕන තරම් තියනවා වුනත් නව යොවුන් පරපුරට හා ගැටවර වයසේ ළමයින්ට හරියන තෑගි හොයන්න සාමන්‍යයෙන් අමාරුයි නේ?"

සමහර අය ඇනිමේ දකින්නේ ළාමක දෙයක් විදිහට වුනත්, ටැමි හා ක්ලින්ටන්ට එය ඔනෑම වයසක කෙනෙක්ට රසව්ඳින්න පුළුවන් දෙයක්. 

ඔවුන් ගාව ප්‍රේම කථා, ත්‍රාසජනක කථා,  ක්‍රීඩා වටා නිර්මාණය වන කථා (ස්ලෑම් ඩන්ක්, ඉනීශල් ඩී) චරිතකථාමයන් (ඔසාමු ටෙසුකා) හා ආහාර සම්බන්ධ මාතෘකා (යකිටාටෙ ) වැනි  විවිධ මතෘකා ආවරණය කරන නිකුත් කිරීම් තියෙනවා. 

සැපයුම තිබුනට වෙළඳපළේ ඉල්ලීම තිබුනද?

හුඟක් දෙනෙක් අපිට උපදෙස් දෙනකොට කිව්වේ ඇනිමේ වලට ලංකාවේ එච්චර ඉල්ලුමක් නැහැ කියලා
— ටැමි ෆුකී
ව්‍යාර්ථ අදියරෙන් පසුව මේ වෑයම ඉදිරියට ගෙන යන්න ඔනේ කියලා තීරණය කරපු ඔවුන් 2016 වසරේදී ලංකා කොමික් කොන් උළෙලෙහි ප්‍රදර්ශන කුටියක් මිලදී ගත්තා. “අපි බලාපොරොත්තු වුනේ අඩුම ගණනේ උළෙලට ආ අයගෙන් සුළුතරයක් හෝ ඇනිමේ ගැන දැනුම තියන අය වෙයි කියලා.” ටැමි අපිට පැවසුවා. “එදා තමයි අපිට තේරුනේ අපි ශ්‍රී ලංකාවේ ඉන්න ඇනිමේ/ මාන්ගා රසිකත්වය කොච්චර අවතක්සේරු කළාද කියන එක. ඔවුන්ගේ ඇනිමේ හා මාන්ගා දැනුම, එයට ලැදිකම ගැන අපි හුඟක් මවිත වුනා.”

යමාටෝ වන් දැන් ලංකාවේ ජනප්‍රියම මාන්ගා අලෙවිකරුවන් වෙලා. ඔවුන් ෆේස්බුක් හරහා ඔවුන්ගේ පාරිභෝගිකයන් සමඟ උද්යෝගයෙන් කථාබහේ නිරත වනවා. ඔවුන්ගේ අන්තර්ජාලික වෙළඳසල දිවයින පුරා බෙදා හැරීම් කරනවා. ඊළඟ අදියර හැටියට ඔවුන් රාජගිරියේ වෙළඳ ශාලාවක් අරින්න සූදානම් වනවා. “අපි එය විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට ඉදිවෙමින් පවතින සාප්පු සංකීර්ණයක. ඒ සංකීර්ණය ඉදි වී අවසන් වුන ගමන්ම මේ වසර අවසානයේ අපේ වෙළඳසල විවෘත කරන්න ලහැස්ති වෙලා ඉන්නවා.”

මිලදී ගැනීම් හා විකිණිම් වලට වඩා වටින සංකල්පයක් ටැමි හා ක්ලින්ටන්ට තියෙනවා. ඒ ඇනිමේ හා මාන්ගා ප්‍රජාවට අතහිත දෙන්නයි. “අපිට උවමනා ලංකාවේ ඉන්න ඇනිමේ හා මාන්ගා චිත්‍ර කලා ශිල්පීන් හා රසිකයින් එක්ක එකතුවෙලා කිසියම් ව්‍යපෘතියකට දායක වෙන්න.”

‍යමාටෝ වන් මෙවරත් 2017 ලංකා කොමික් කොන් උළෙලට සහභාගි වනු ඇත.
අපි ශ්‍රී ලංකාවේ ඉන්න ඇනිමේ/ මාන්ගා රසිකත්වය කොච්චර අවතක්සේරු කළාද
— ටැමි ෆුකී