Sinhala

ලාභ නොලබන කොමික් පොත් මුද්‍රණාලයකට ඇමෙරිකානු ප්‍රතිපාදනයක් ලංකා කොමික් කොන් විසින් දිනා ගනියි

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) පළවන වෙළුමේ කටු සටහන් 

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) පළවන වෙළුමේ කටු සටහන් 

ලංකා කොමික් කොන් අරමුදලට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලාභ නොලබන කොමික් මුද්‍රණාලයක් ශ්‍රී ලංකාවේ පටන් ගැනීමට ප්‍රතිපාදනක් ලබා දී තිබෙනවා. මේ මුද්‍රණාලය භාශා තුනෙන්ම නිර්මාණ ඉදිරිපත් කරන කලා හා සාහිත්‍යමය නිර්මාණකරුවන් හට අගනා කරළියක් වනු ඇත.

"මට ශ්‍රී ලංකාවේ දීර්ගකාලීන පැවැත්මක් තියන කොමික් පොත් නිශ්පාදන කර්මාන්තයක් ආරම්හ කරන්න උවමනායි. ඒ දේ කිරීමට අපිට මුද්‍රණ කටයුතු අඩුම පිරිවැයක් පමණක් අය කරන්න පුළුවන් තත්වයක් තිබිය යුතුයි," මුද්‍රණාලය පිළිබඳ සංකල්පනය ඉදිරිපත් කළ තිලානි සමරසිංහ අපට පැවසුවා.

බරපැන මාරයා

මට ශ්‍රී ලංකාවේ දීර්ගකාලීන පැවැත්මක් තියන කොමික් පොත් නිශ්පාදන කර්මාන්තයක් ආරම්හ කරන්න උවමනායි. ඒ දේ කිරීමට අපිට මුද්‍රණ කටයුතු වලට අඩුම පිරිවැයක් පමණක් අය කරන්න පුළුවන් තත්වයක් තිබිය යුතුයි
— තිලානි සමරසිංහ ලංකා කොමික් කොන් ප්‍රධානි

ශ්‍රී ලංකාවේ බොහෝම අවස්ථාවල අපි කොමික් වල 'පළමුවන මුද්‍රිත වෙළුම' දැක තිබුනට  ඒ මාලාව 'දෙවන වෙළුමක්' දක්වා යනවා අපි දකින්නේ බොහොම කලාතුරකිනි. දේශීය චිත්‍ර ශිල්පීන්ට හා කථා රචකයන්ට තියන ප්‍රධානම ගැටළුව වන්නේ වියදම් අභියෝගයන්ය. මේ හේතුව නිසා බොහෝ කලාකරුවන් තමන්ගේ නිර්මාණය ගැන කල්පනා කරන්නේ, ඔවුන්ගේ එදිනෙදා රැකියාවට යෑමට සැරසෙන විට කැඩපත දිහා බලා අතීතය අනුස්මරණය කරන විටය.

හැබැයි ඒ තත්වය අපට වෙනස් කළ හැකි නම්? මුද්‍රණ වියදම් ප්‍රබල ලෙස අඩු කරන්න අපිට හැකි වුනා නම්?

තිලානි අපට පැවසුවේ "මම මුද්‍රණ යන්ත්‍ර වල මිල ගණන් හා ඒවා වල තාක්ෂණික දත්ත පිළිබඳවත් ඒවා වල නියම ප්‍රමිතීන් හා එයට වැඩි පරිමාවක මුද්‍රණ කටයුතු දරාගන්න පුළුවන්ද යන දේවල් ගැන හොඳින් සොයා බැලුවා." කියාය. "මම පිටකොටුවට පවා ගියේ කඩදාසි සපයන්නවුන්ට කථා කර තොග මිල ගණන් සටහන් කර ගැනීමටය. මගේ වැඩකට නැති සැමියාද මැසිවිලි කිව් නමුත් කෙසේ හෝ මා සමඟ  හැම තැනටම ආවා."

දීර්ග කාලීන ස්වයංපෝශිත, අඩු පිරිවැයක් දරන මුද්‍රණාලයකට අවශ්‍ය ව්‍යාපාර ආකෘතිය  මදින් මද ඇය ගොඩ නැගුවා.

ඇමෙරිකානු මධ්‍යස්ථානය

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයේ ජොශුවා ශෙන් මහතා අපට මෙහිදී මහත් උපකාරී වූවා. ඔහු මෙම අදහස ගැන බොහෝ උනන්දු වුනා. වසර ගණනක අර්බුදකාරී තත්වයන්ට මුහුණ දුන් ලංකාවේ ප්‍රජාවන් එකතු කිරීමට කොමික් කලාව තුලින් තරුණ පරපුරට හැකි වේවි යැයි ඔහු විශ්වාස කරනවා. ඔවුන්ට අපට උදව් කළ හැකි බව තහවුරු කළ ඔහු එයට ඉල්ලුම් කළ හැකි ක්‍රියා පිළිවෙත අනුගමනය කරන මෙන් පමණක් අපෙන් ඉල්ලා සිටියා. අපි අධෛර්ය වූ අවස්ථා වලදී පවා එම කාර්යන් දිගටම කරගන යන්න ඔහු අපව නිතර නිතර දිරි ගැන්වූවා.

අපි කිසිම කෙනෙක් ඒ වන විට ප්‍රතිදාන සඳහා අයදුම් ලියා තිබුනේ නෑ. එම අත්දැකීම ටිකක් මේ වගේ දනුනා අපිට..

අ-සාමාන්‍ය (Extra-Ordinary)

ලංකා කොමික් කොන් මුද්‍රණාලය මගින් පිට කරන ප්‍රථම කොමික් කථා මාලාව වන්නේ අ-සාමාන්‍ය (Extra-Ordinary) කථා පෙළයි. මෙය වර්තමාන ශ්‍රී ලංකාවේ සිදුවනු ලබන අද්භූත සිද්ධි වටා ගෙතුන ප්‍රබන්ධයකි.

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) කථා පෙළේ රූප සටහන් 

දැනට නිමවෙමින් පවතින අ-සාමාන්‍ය (Extra-Ordinary) කථා පෙළේ රූප සටහන් 

"මම කීර්තිමත් ප්‍රකාශකයින් පිට කරන කොමික් වලට හුඟක් ආශා කළාට ඒ කිසිම කථා පෙළක්  මගේ සංස්කෘතිය නියෝජනය කරන ඒවා නෙවෙයි," තිලානි අපට පැවසුවා. "මට ලියන්න අවශ්‍ය කරලා තිබුනේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපි කවුද කියන එක, අපේ ඉතිහාසය හා සංස්කෘතිය නිර්දේශනය කරන ගමන්, නූතන ආරකින් ගෙන හැර පෙන්විය හැකි දෙයක්."

අ-සාමාන්‍ය කථාමාලාව භාෂා තුනෙන්ම රචනය කිරීමෙන් සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකිකත්වය එම  ප්‍රබන්ධයට ලබා දීමට තිලානි බලාපොරොත්තු වෙනවා. ලංකා කොමික් කොන් මුද්‍රණාලය විසින් පරිවර්තන සේවාවන්ද ලබා දෙනු ඇත.

නිමේශ් නියෝමාල් නැමැති 'අ-සාමාන්‍ය' කොමික් කථා පෙළේ චිත්‍ර ශිල්පියා අපිට පැවසුවේ, "ලංකාවේ දැනට බොහෝ නවක තරුණ කොමික් චිත්‍ර ශිල්පීන් බිහි වෙමින් පවතිනවා."  ඔහු විසින් මීට පෙර 'ද ග්‍රේ වෝකර්' යන නමින්ද කොමික් කථා පෙළක්ද ඉදිරිපත් කර තියෙනවා. "මේ නවකයින් ඩිජිටල් ප්‍රකාශණ වලට පමණක් යොමු වෙන්නේ, මුද්‍රණ ගාස්තු හා පිරිවැයන් අධික නිසාවෙනි. ඒ වුනත් නියම කොමික් කියන දේ කඩදාසියක මුද්‍රණය වෙන්න  ඕනේ  කියලා මම විශ්වාස කරනවා."

"නිමේශ් ප්‍රවීණ කලා කරුවෙක්," තිලානි පැවසුවා. "ඔහුටත් අවශ්‍ය වෙලා තිබුනේ ලංකාවේ කොමික් කලාවට ආවේනික ප්‍රකෘතිමත් සංවිධානයක් දකින්නයි."

නියම කොමික් කියන දේ කඩදාසියක මුද්‍රණය වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා
— නිමේශ් නියෝමාල්
නිමේශ් නියෝමාල් විසින් අඳින ලද, ඩයනා 

නිමේශ් නියෝමාල් විසින් අඳින ලද, ඩයනා 

අපි 2017 ලංකා කොමික් කොන් හිදී අ-සාමාන්‍ය (Extra-Ordinary) කොමික් කථා පෙළ දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. දියත් කිරීම සිදු නොවුනත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එහි නිර්මාතෘ වරු කොමික් කොන් මුද්‍රණාලයත් සමඟ එකතු වන්නට බලාපොරොත්තු වෙනවා.

මුද්‍රන ගාස්තු ගැන ප්‍රසිද්ධියේ කථා කරන්න අපි තවම සූදානම් නොවුනත්, ප්‍රබල මිල අඩු තත්වයක් බලාපොරොත්තු වෙන්න ඔබට පුළුවන්. මෙමගින් අපට වෙළඳසල් හා බෙදාහැරීමේ මිල දාරයන් එකතු කළ පසුත් පාඨකයින්ට අඩු මිලකට උසස් තත්වයේ දේශීය කොමික් පොත් මිලදී ගැනීමට හැකිවනු ඇත.

අද මම ඉතා ආඩම්බර 'වැඩකට නැති සැමියෙක්' වෙමි.

යමාටෝ වන් : ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇනිමේ හා මාන්ගා ව්‍යාපාරික ව්‍යත්නය

‍යමාටෝ වන් සමූහය. අරිගතො! 

‍යමාටෝ වන් සමූහය. අරිගතො! 

නව ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා කරන්න අපහසු දේවල් බොහොමයක් තියනවා. යුද්ධ කරන එක, ස්වයං සැත්කම්, ට්‍රාන්ස්ෆෝමර්ස් බලන එක වගේ දේවල්. හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනම කෙනෙකුට සුළු සුළු අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඔවුන් කරන සෑම දේකම වැරදි නිතර හොයන්න සැදි පැහැදී ඉන්න අය ඉන්න අය ඉන්න නගරයක. ඔබට ස්ථීර හා පූර්ණකලීන ආදායමක් ලැබෙන වෘත්තීයයක් අත හරින්න වෙනවා වගේම දවසකට පැය 12කට වඩා මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ මදිවට ඔබ වටේ ඉන්න 'යාළුවෝ' බලන් ඉන්නේ ඔබට කොයි වෙලාවේ වැරදෙයිද කියලා.

ඒත් ඔබ කරන දේ ඔබ දිගටම කරගන යනවා. එහෙම කරගන ගිහින් ඔබ කොහොම හරි සාර්ථක වෙනවා.

"හුඟක් දෙනෙක් අපිට උපදෙස් දෙනකොට කිව්වේ ඇනිමේ වලට ලංකාවේ එච්චර ඉල්ලුමක් නැහැ කියලා," යමාටෝ වන් හි  සම නිර්මාතෘ වන ටැමි ෆුකී අපට පැවසුවා. "ඒ වුනාට අපි කල්පනා කළේ  ඇනිමේ/ මාන්ගා වලට ඇති තරම් රසිකයෝ නැතිවෙන්න විදිහක් නෑ කියන එක. ඒ අයට අවශ්‍ය අවකාශය නෑ කියන එක අපි තේරුම් ගත්තා."

ටැමි සහ තව නිර්මාතෘ කෙනෙක් වන ක්ලින්ටන් ඩි ක්‍රෙට්සර් හට ලංකාවේ සමර්පිත ඇනිමේ හා මාන්ගා ව්‍යාපාරයක් පටන් ගන්න ඔනේ කියන අදහස අවුරුදු ගානක ඉඳන් තිබුනා. ඒක ලංකාවේ ගැටවර වයසේ අයට හා වැඩිහිටියන්ට එකසේ රසවිඳින්න පුළුවන් අළුත් විනෝදාත්මක දෙයක්. "සාමන්‍යයෙන් කුඩා දරුවන්ට අරන් දෙන්න පුළුවන් සෙල්ලම් බඩු තියන සාප්පු ඕන තරම් තියනවා වුනත් නව යොවුන් පරපුරට හා ගැටවර වයසේ ළමයින්ට හරියන තෑගි හොයන්න සාමන්‍යයෙන් අමාරුයි නේ?"

සමහර අය ඇනිමේ දකින්නේ ළාමක දෙයක් විදිහට වුනත්, ටැමි හා ක්ලින්ටන්ට එය ඔනෑම වයසක කෙනෙක්ට රසව්ඳින්න පුළුවන් දෙයක්. 

ඔවුන් ගාව ප්‍රේම කථා, ත්‍රාසජනක කථා,  ක්‍රීඩා වටා නිර්මාණය වන කථා (ස්ලෑම් ඩන්ක්, ඉනීශල් ඩී) චරිතකථාමයන් (ඔසාමු ටෙසුකා) හා ආහාර සම්බන්ධ මාතෘකා (යකිටාටෙ ) වැනි  විවිධ මතෘකා ආවරණය කරන නිකුත් කිරීම් තියෙනවා. 

සැපයුම තිබුනට වෙළඳපළේ ඉල්ලීම තිබුනද?

හුඟක් දෙනෙක් අපිට උපදෙස් දෙනකොට කිව්වේ ඇනිමේ වලට ලංකාවේ එච්චර ඉල්ලුමක් නැහැ කියලා
— ටැමි ෆුකී
ව්‍යාර්ථ අදියරෙන් පසුව මේ වෑයම ඉදිරියට ගෙන යන්න ඔනේ කියලා තීරණය කරපු ඔවුන් 2016 වසරේදී ලංකා කොමික් කොන් උළෙලෙහි ප්‍රදර්ශන කුටියක් මිලදී ගත්තා. “අපි බලාපොරොත්තු වුනේ අඩුම ගණනේ උළෙලට ආ අයගෙන් සුළුතරයක් හෝ ඇනිමේ ගැන දැනුම තියන අය වෙයි කියලා.” ටැමි අපිට පැවසුවා. “එදා තමයි අපිට තේරුනේ අපි ශ්‍රී ලංකාවේ ඉන්න ඇනිමේ/ මාන්ගා රසිකත්වය කොච්චර අවතක්සේරු කළාද කියන එක. ඔවුන්ගේ ඇනිමේ හා මාන්ගා දැනුම, එයට ලැදිකම ගැන අපි හුඟක් මවිත වුනා.”

යමාටෝ වන් දැන් ලංකාවේ ජනප්‍රියම මාන්ගා අලෙවිකරුවන් වෙලා. ඔවුන් ෆේස්බුක් හරහා ඔවුන්ගේ පාරිභෝගිකයන් සමඟ උද්යෝගයෙන් කථාබහේ නිරත වනවා. ඔවුන්ගේ අන්තර්ජාලික වෙළඳසල දිවයින පුරා බෙදා හැරීම් කරනවා. ඊළඟ අදියර හැටියට ඔවුන් රාජගිරියේ වෙළඳ ශාලාවක් අරින්න සූදානම් වනවා. “අපි එය විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට ඉදිවෙමින් පවතින සාප්පු සංකීර්ණයක. ඒ සංකීර්ණය ඉදි වී අවසන් වුන ගමන්ම මේ වසර අවසානයේ අපේ වෙළඳසල විවෘත කරන්න ලහැස්ති වෙලා ඉන්නවා.”

මිලදී ගැනීම් හා විකිණිම් වලට වඩා වටින සංකල්පයක් ටැමි හා ක්ලින්ටන්ට තියෙනවා. ඒ ඇනිමේ හා මාන්ගා ප්‍රජාවට අතහිත දෙන්නයි. “අපිට උවමනා ලංකාවේ ඉන්න ඇනිමේ හා මාන්ගා චිත්‍ර කලා ශිල්පීන් හා රසිකයින් එක්ක එකතුවෙලා කිසියම් ව්‍යපෘතියකට දායක වෙන්න.”

‍යමාටෝ වන් මෙවරත් 2017 ලංකා කොමික් කොන් උළෙලට සහභාගි වනු ඇත.
අපි ශ්‍රී ලංකාවේ ඉන්න ඇනිමේ/ මාන්ගා රසිකත්වය කොච්චර අවතක්සේරු කළාද
— ටැමි ෆුකී