සියර්: ඩෙත් සයිට් - ශ්‍රී ලාංකික අධ්‍යක්ශකවරයෙකුගේ විද්‍යා ප්‍රභන්ධක ත්‍රාසජනක රූපවාහිනි කථා මාලාව

සියර්: ඩෙත් සයිට් කියන්නේ විද්‍යා ප්‍රබන්ධනාත්මක වෙබ් නාට්‍ය මාලාවක්. එහි රඟපාන්නේ ජෝයි අන්සාහ් (ද බෝන් අල්ටිමේටම්) සහ ක්‍රිස්ටියන් හවර්ඩ් (ස්ට්‍රීට් ෆයිටර් : අසෑසින්ස් ෆිස්ට්) යන ශිල්පීන්ය.මෙහි තිර රචනය අධ්‍යක්ෂණය හා, නිශ්පාදනය යන අංශ තුනම කළේ සඳුන් සෙනෙවිරත්නයි.රේ මාර්ටන්ස්ටයින් හා උදාන ෆොන්සේකා යන විධායක නිශ්පාදකයින් සමඟ එකතු වූ ඔහු ග්‍රයින්ඩ්අවුට් ප්‍රොඩක්ශන්ස් යන නමින් ඔවුන් හඳුන්වන ශ්‍රී ලාංකික නිශ්පාදන හා බෙදාහරින ආයතනයක් තුලින් තමයි මේ කථාමාලාව එළි දැක්වෙන්නේ.

වීඩියෝවට යොමු වීමට මෙතන ක්ලික් කරන්න. (නැත්නම් ඉහත රූපය ක්ලික් කරන්න.)

වින්දනය හා වෘත්තාන්ත කලාව මනුෂ්‍ය ස්වභාවයයි
— සඳුන් සෙනෙවිරත්න

විද්‍යා ප්‍රබන්ධ වෘත්තාන්ත කලාව

කුඩා කාලයේ සිට චිත්‍රපට නිර්මාණ කලාවට ලැදි වුනු සඳුන් කියන්නේ "වින්දනය හා වෘත්තාන්ත කලාව මනුෂ්‍ය ස්වභාවයක්", කියලා."එහෙම තමයි අපි අප වටා සිදුවන දේවල් හඳුනාගන්නේ". 

සඳුන් ඔහුට හැඟෙන දේවල් එළි දක්වන්නේ, චලන රූප මාධ්‍ය තුලිනුයි.හොලිවුඩ් ප්‍රභේදයට අයත් චිත්‍රපට ඔහුගේ වෘත්තාන්ත කලාවට වඩාත් සුදුසු බවත්, ඉතා විනෝදාත්මක හා වැඩි රුචික ගම්‍යත්වයක් ඇති මාධ්‍යක් ලෙසත් තමයි ඔහු දකින්නේ.

"මම විද්‍යා ප්‍රබන්ධක රසිකයෙක්," ඔහු තවදුරටත් පැවසුවා, "ඒවා තුලින් අපට අනාගතය වගේම මානව වර්ගයාගේ සීමාරහිත විභවය විශ්ලේෂණය කරන්න පුළුවන්".

සියර්: ඩෙත් සයිට් කියන වෙබ් නාට්‍ය මාලාව, න්‍යශ්ටික වියසනයෙකින් පසු කාලීන සංස්ථාතික ලෝකයක බිහි වුණු මනෝ ඝාතකයෙක් ගැන වෘත්තාන්තයකි."මට අවශ්‍ය වුනේ සුළු වියදමකින් විද්‍යා ප්‍රබන්ධන වර්ගයේ උසස් තත්වයේ, ත්‍රාසජනක සටන් කලා, දෘශ්‍ය කලා ඇති,  චලන රූප නිශ්පාදනයක් කරන්න පුළුවන් කියන දේ ඔප්පු කරන්නයි", සඳුන් අපිට පැවසුවා. "මගේ අරමුණ, මෙවන් නිර්මාණ ලංකාව තුල ලාංකේය සම්පත් භාවිතයෙන් හා ලාංකික හා ජාත්‍යන්තර කලාකරුවන් එකතු කරගෙන නිම කර, ජාත්‍යන්තර භූමිකාවකට රැගෙන යන්නයි.

හොලිවුඩ් රංගන ශිල්පීන්

ඔබට ඩෙත් සයිට් කථා මාලාවේ නලුවන් දැක පුරුදුයි කියලා සිතුනානම් ඔබ නිවැරදියි.

"මම ප්‍රධාන නලුවා ලෙස තෝරගන්න බලාපොරොත්තු වුනේ, එම චරිතයට අදාල වන සටන් කලා හැකියාවන් තියෙන් කලාකරුවෙක්," සඳුන් අපට පැවසුවා."අපි සිනමා ශාලාවකදී 'ද බෝන් අල්ටිමේටම්' නරඹද්දී දැකපු මැට් ඩේමන් ගේ හා කොන්ත්‍රාත් ඝාතකයෙක් ලෙස චරිත නිරූපණය කළ ජෝයි අන්සාහ්ගේ මොරොක්කෝවේ වහළවල් උඩ තිරගත කරන ලද සටන් කලා ශෛලිය දැක්කා. අදටත් ඒ සටන් කලා දර්ශනය තමයි අපි දැකලා තියන හොඳම ශෛලිය. අපට දැනගන්න ලැබුනා, 'දෙශ්' කියන එදිරිවාදි චරිතය නිරූපණය කළ රංගන ශිල්පියා ලන්ඩන් වල සිටින බව. ඉතින් අපි ඔහුට කථා කිරීමට තීරණය කළා. අපේ පිටපත කියවපු ඔහු ඒ වෘත්තාන්තයට එකතු වීමට මහත් උද්යෝගයක් පල කළ අතර, ඔහුගේ සටන් ශිල්පී කණ්ඩායමත් එකතු කරගෙන සටන් කලා දර්ශනය ඉතා සුළු  වියදමකින් කරන්න පුළුවන් වන ලෙස රචනා කිරීමටත් දායක වුනා.

මේ බෝන් අල්ටිමේටම් සටන් දර්ශනයයි.

 

අන්සාහ් විසින් ජෝන් කුසැක්ගේ 'ද නම්බර් ස්ටේශන්' චිත්‍රපටයේ වීරවර චරිතයට ප්‍රතිවිරුද්ධ දුෂ්ටයාගේ චරිතයද 'ස්නෝවයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්' වැනි චිත්‍රපට වල සුළු චරිතද රඟපා තිබුනා. ඔහු විසින් මහත් ප්‍රසිද්ධ 'ස්ට්‍රීට් ෆයිටර්: ඇසෑසින්ස් ෆිස්ට්' යන වෙබ් වෘතාන්ත මාලාවද ඊට අනුගාමිව නිර්මාණය වුණු රූපවාහිනි  ටෙලි මාලාව වූ 'ස්ට්‍රීට් ෆයිටර්: රෙසරෙක්ශන්' වෘතාන්තයද තිර රචනය හා අධ්‍යක්ශණය කළ අතර, එහි රංගනයෙන්ද දායක වුනා.  'ස්ට්‍රීට් ෆයිටර්' තිර රචනයේ ඔහු 'අකූමා' යන ප්‍රධාන දුෂ්ට චරිතය නිරූපණය කළා

සියර්: ඩෙත් සයිට් කථා මාලාවේ එදිරිවාදී චරිතය වන 'කානෝ' චරිතය රඟපාන ක්‍රිස්ටියන් හවර්ඩ්ද 'ස්ට්‍රීට් ෆයිටර්: ඇසෑසින්ස් ෆිස්ට්' හා ස්ට්‍රීට් ෆයිටර්: රෙසරෙක්ශන්' යන කථාමාලා වල 'කෙන්' යන ප්‍රධාන චරිතයට පණ පෙව්වා.

ස්ට්‍රීට් ෆයිටර්: ඇසෑසින්ස් ෆිස්ට් 2014

තවත් දුෂ්ට චරිතයකට රංගනයෙන් දායක වන සුවයුකි සාඔතොමෙ,  'ඔලිම්පස් හැස් ෆෝලන්' චිත්‍රපටයට අනුගාමී වූ 'ලන්ඩන් හැස් ෆෝලන්' චිත්‍රපටයට ජෙරාර්ඩ් බට්ලර් සමඟ රංගනයෙන් දායක වී තියෙනවා.

සම්මේලන චාරිකා

සියර්: ඩෙත් සයිට්, ෆීනික්ස් කොමික් කොන්, ඇතන්ස් හී ඉන්ටර්නැශනල් සයි ෆයි සිනමා උළෙල, සිඩ්නිවල ෆැන්ටෑස්ටික් ප්ලැනට් වැනි බොහෝ විද්‍යා ප්‍රබන්ධක සිනමා උළෙල වල දැනටමත් දර්ශනය වෙලා තියනවා. මේ වසරේ ලංකා කොමික් කොන් උළෙලේදීද මෙය දර්ශනය වනු ඇති අතර ඔබට ග්‍රයින්ඩ්අවුට් කැල හමුවීමටද අවස්ථාවක් ලැබෙනු ඇත. ග්‍රයින්ඩ්අවුට් නිශ්පාදක වරුන් ස්වාධීන චිත්‍රපට වේදීන්ගේ සාකච්චා මඩුල්ලකටද එහිදී සහභාගී වනු ඇත.

විද්‍යා ප්‍රබන්ධන තුලින් අපට අනාගතය වගේම මානව වර්ගයාගේ සීමාරහිත විභවය විශ්ලේෂණය කරන්න පුළුවන්
— - සඳුන් සෙනෙවිරත්න